කෝළම් නාටක යනු වෙස් මුහුණු පැළදගෙන රගන නාට්‍ය විශේෂයකි.ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ප්‍රචලිතව පවති.ඒ අනුව ගාල්ල, අම්බලන්ගොඩ, මිරිස්ස, හම්බන්තොට, තංගල්ල, ගිංතොට, සීනිගම යනාදි ප්‍රදේශවල රග දැක්වේ.
විනෝදය,හාස්‍ය හා උපහාසය පදනම් කරගත් නාටක විශේෂයකි.විනෝදාස්වාදය මෙන්ම ශාන්තිකර්මයක් ලෙසද කෝළම් රග දක්වනු ලැබේ.පහතරට ශාන්තිකර්ම වන රට යකුම,දෙවොල්මඩු යනාදිය ඇසුරින් බිහි වී තිබේ.
මහා සම්මත රජ බිසවට වැළදුණු දොළදුකක් හේතුවෙන් කෝළම් නාට්‍ය සම්ප්‍රදාය ආරම්භ වූ බව විශ්වාස කෙරේ.මහා සම්මත බිසවට වෙස් මුහුණු නැටුම් දැකීමේ බලවත් ආශාවක් ඇති විය.නමුත් එම නැටුම් පිළිබද දත් අයෙක් නොසිටියෝය.බිසවගේ මෙම දොළදුක සංසිදුවීමට සක්‍රදේවේන්ද්‍රයා ක්‍රියා කරනු ලැබේ.ඒ අනුව සක් දෙවිදු රාජකීය උද්‍යානයේදි වෙස් මුහුණු හා ගීත හමුවෙන ලෙස කටයුතු කළේය.එම වෙස් මුහුණු පැළද වෙස් නැටුමක් රග දක්වා බිසවගේ දොළදුක සංසිදුවීය.
සෑම කෝළම් රංගනයකදීම මෙම ජනප්‍රවාදයට අනුව බිසව වේදිකාවට පැමිණේ.
කෝළම් නාටකයක කොටස් දෙකක් දක්නට ලැබේ.
1.පූර්ව භාගය(පොලිස් කෝළම,නොංචි කෝළම,මුදලි කෝළම යනාදිය.)
2.අපර භාගය(කතා වස්තු ඉදිරිපත් කෙරේ.එනම් ගම කතාව,මනමේ කතාව යනාදිය.)
කෝළම් එළිමහන් රංග භූමියක රග දක්වනු ලැබේ.එය සබය යනුවෙන්ද හැදින්වේ.පහතරට යක් බෙරය වාද්‍ය භාණ්ඩය ලෙස යොදා ගැනේ.රාත්‍රී කාලයේදි රග දක්වනු ලැබේ.සමාජයේ දුර්වල තැන් හාස්‍යයට හා උපහාසයට ලක් කෙරේ.බොහෝවිට කෝළම් නාට්‍යවලින් සිදු වන්නේ සමාජයේ සැබෑ තත්ත්වය නිරූපණය කිරීමය.
No comments:
Post a Comment