ජනකලා යනු?
ජනකලා යනු ගැමියන් විසින් නිර්මාණය කර මුඛ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන ග්‍රන්ථාරූඪ නොවූ කලාවයි.ජනකලා යටතට,
*ජනකවි
*ජන නාටක
*ජන කථා
*ජන ගීත
*ජන කියමන්
*ජන නැටුම්
*ජන ඇදහිලි හා විශ්වාස
*ජන නිර්මාණ(මූර්ති,චිත්‍ර,කැටයම්)
යනාදිය අයත් වේ.මෙම කලා නිර්මාණ තුළ ගැමි සමාජය,ගැමි සංස්කෘතිය,ආගම යනාදිය මැනවින් නිරූපණය වේ.විනෝදාස්වාදයට මෙන්ම එක් එක් දේශයන්හි පවතින සංස්කෘතික විපර්යාසයන් අධ්‍යයනය කිරීමට ජනකලා වැදගත් වේ.
ජනකලා පිළිබද පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සදහා එය ශාස්ත්‍රීය නිර්මණ හා සංසන්දනය කොට බැලීම වටී.
* ජනකලා මුල්ම නිර්මණ වේ.ශාස්ත්‍රීය නිර්මණ බිහි වන්නේ ජනකලා ඇසුරු කොට ගෙනය.නිදසුනක් ලෙස “පණ නම් තණ අග පිණිබිදු වැනිය“ යන ජන කියමන මුල්කොට ගනිමින් වීදාගම මෛත්‍රී තෙරිදු සිය ලෝවැඩ සගරාවෙන් පාඨකයනට උපදෙසක් දී තිබේ.එනම්,
“පණ නම් තණ අග පිණි බිදු වැන්නේ
පින නම් නොපමාවම කර ගන්නේ“
*ජනකලා පැවත එන්නේ මුඛ පරම්පරාවෙනි.නමුත් ශාස්ත්‍රීය නිර්මාණ ග්‍රන්ථාරූඪ ස්වරූපයෙන් පවති.
උදා:- කාව්‍යශේඛරය, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය
* ජනකලා ආරම්භ වු කාලයක් හා ආරම්භ කළ කෙනෙක් පිළිබද සදහන් වී නොමැත.නිදසුනක් ලෙස හාවා සහ ඉබ්බාගේ කථාව, කපුටා සහ කේජු කෑල්ල වැනි ජන කථා කව්රුන් විසින් නිර්මාණය කළේද යන්න නොදනි.ශාස්ත්‍රීය කෘති ගත් කල ඒවායේ කර්තෘ කෙනෙක් හා යුගයක් සදහන් වේ.නිදසුනක් ලෙස සද්ධර්මරත්නාවලිය දඹදෙනි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිතය.
*ජනකලා නිර්මාණයේදි කිසිදු රීතියක් උපයෝගි කොට නොගනි.
උදා:- “වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි“
එහෙත් ශාස්ත්‍රීය නිර්මාණවලදි බොහෝවිට රීතීන් භාවිතා කළ යුතුය.
උදා:- “සැවැත්නුවර අදින්න පුබ්බක නම් බමුණාන කෙනෙක් වෙසෙති.“(සද්ධර්මරත්නාවලිය)
* ජනකලා සියලු දෙනාටම අවබෝධ කර ගැනීමට හැකිය.මන්ද යත් භාෂාව සරලය.
උදා:- “පැලේ පැදුර හේනට අරගෙන යනවා“
නමුත් ශාස්ත්‍රීය ලේඛන හැමදෙනාටම තේරුම් ගැනීමට නොහැකිය.ඒ තුළ ඇත්තේ විදග්ධ භාෂාවකි.
උදා:- “මහ සයුර මිණි ග ණ
තෙද කලබ මෙන් නුබ මෙ ණ...“ (කාව්‍යශේඛරය)
ඒ අනුව ජනකලා හා ශාස්ත්‍රීය නිර්මාණ අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව පෙනේ.