Monday, February 27, 2017

උපදේශ කවි

බොරැල්ලෙ තරම දැනගෙන උඩ             පනිනු
ගොඩැල්ලෙ තරම දැනගෙන ළිද             කපනු
කඩුල්ලෙ තරම දැනගෙන කද                 බදිනු
තමන්ගෙ තරම දැනගෙන කල්                හරිනු

දිවියා නැති වනේ ගවයින්ගෙ                 පොරය
හිමියා නැති ගෙදර හොර හිමි                කරදරය
බළලා නැති ගෙදර මීයන්ගෙ                 පොරය
ලූලා නැති වලට කනයා                     පණ්ඩිතය

ගලක් වණ වේද බල්ලෙකු                     ලෙව්වාට
විලක් බොර වේද බොල් පිණි                     බෑවාට
මලක් පරවේද බිගුරොන්                         ගත්තාට
බැරිදේ පුළුවන්ද දත්මිටි                            කෑවාට

ඇද බාන්නේ අල්ලෙ තියා කඩා කැවුතු      බිස්ස
ලොද පේන්නේ වෑවරයක කැපූ විටයි        ඇස්ස
රග පාන්නේ බුදු වෙන්නට පෙරුම් පුරන    තිස්ස
අත ගාන්නේ බණ කිව්වට සමහරු දුම්        මැස්ස